පාරම්පරික හෙළ වෙදකම - Traditional Hela Medicine
Tuesday, April 7, 2020
Traditional treatment for corona virus - කොරෝනා වෛරස් වලට පාරම්පරික හෙළ ...
Monday, April 6, 2020
කොරෝනා වෛරස් වලට පාරම්පරික හෙළ වෙදකමින් ප්‍රතිකාර
අපේ දේශීය හෙළ වෙදකමේ ඕනෑම වෛරස් වසංගත ලෙඩ රෝගයකට බෙහෙත් ප්‍රතිකාර පවතිනවා. ඒ සම්බන්ධව දැනුවත් කිරීම මෙහි අරමුණයි..
තල් අත්තට වැටුණු බෙලි ගෙඩියකට බියවී දිව යන හාවා දුටු අනෙකුත් කැලයේ සියලු සතුන් ද කළබලවී දුවන්නට ගත්තා. එහෙත් සිංහයා කළබල නොවී ඊට සැබෑ හේතුව සොයා ගත්තා.. කියා කතාවක් අප කවුරුත් කුඩාකල සිටම අසා තිබෙනවා.
මුලු මහත් ලෝකයම කොරෝනා වසංගතයට මහත්සේ බියවී කළබලයෙන් සිටින අවධියකුයි මේ පසු වෙන්නේ.
අප මෙතරම්ම මේ රෝගයට බිය විය යුත්තේ ඇයිදැයි කියා කියනවනම්, ඊට හේතුව ලෙඩේට බෙහෙත් නොමැති බව අසා ඇති කමයි. ඒත් ඇත්තටම එය එසේම වේවිද? අනාදිමත් කාලයක් පටන් රෝගයත්, රෝග නිධානයත් හොඳින් හඳුනාගෙන වෙදකම් කරන දේශීය හෙළ වෙදකමේ ප්‍රතිකාර සහ හේතුඵල දහම පහදා දෙන බුදු දහමේ මේ සඳහා ප්‍රතිකර්ම නැතැයි කියා යමෙක් කියනවා නම් එය පුදුමයකි, විමතියකි, අභාග්‍යකි. සත්‍ය වශයෙන්ම ඕනෑම ලෙඩකට අපතුල ප්‍රතිකාර, ප්‍රතිකර්ම පවතිනවා. යමෙක් එසේ නැහැයි කියනවනම් එය ඔවුන්ගේ නොදැනීමම මිස අන් කවරක්ද?
වා, පිත්, සෙම් යන තුන්දොස් වල අසමබරතාවයෙන් හටගන්නා සෑම ලෙඩ රෝගයක්ම මැඩ පවත්වා ගන්නා අයුරු මැනවින් දුටු අපේ හෙළ වෙදැඳුරන් මේවාට එදා සරලවූත්, සංකීර්ණවූත් විවිධ උපචාර විධික්‍රම දැන සිටියා. ගහ කොල ආදී අවට පරිසරයෙන් ලබා ගන්නා සරල දේ මනාව හැසිරවීම තුලින් ඔවුන් පහසුවෙන් ලෙඩ රෝග නිවාරණය කලා.
ඒ විවිධ වූ සරල වූ ක්‍රමෝපායයන් වත්මන් සමාජයෙන් ඉවත දමා අවතක්සේරු කොට ඇත්තේ තම තමන්ගේම අණුවනකම, උඩඟුකම, හීනමානය ආදී මනෝ සිතුවිලි වල දුර්වලතා නිසාවෙන්ම මිසක්, ඒ වටිනාවූ උතුම් හෙළ වෙදකමේ පවත්නාවූ දුර්වලතාවයක් නිසා නොවේ. සියවස් කීපයක් පටන් අපේ දේ පහත් කොට බටහිර දේම උසස් යැයි අවිචාරීව සිතමින්, ක්‍රියා කරමින් ගිය අභාග්‍ය සම්පන්නවූ ගමනක කණගාටු දායක ඉරනම දැන් දැන් මනාව පිළිඹිබු වී ඇත.
කෙසේ වෙතත්, වෛරස, බැක්ටීරියා අසාදනයන්ගෙන් එන විවිධ සන්නිපාත වසංගත රෝග පැවතෙන්නේ අද ඊයේ පටන් නොවේ. අද අප කවුරුත් කතා කරන කොරෝනා වෛරස් වසංගතය ද මුලින්ම හඳුනාගනු ලැබුවේ 1960 දශකයේදීය. කොවිඩ්-19, ඇඩිනො වැනි වෛරස් බොහෝ සෙයින් බලපෑම් ඇති කරන්නේ ස්වසන පද්ධතියටයි. මේ තුලින් නාසය, උගුර වැනි තැන් ආශ්‍රිතව බොහෝ සෙයින් වෛරස් අසාදනය වේ.
මේ කොරෝනා වෛරස් ඉතා භයානක තත්වයක් වනුයේ අප ඊට එරෙහිව නිසි පිළියම්, නිසි ලෙස, නිසි වෙලාවට කිරීමට අසමත්වීම හේතුවෙනි..
මෙම වෛරසය පළමුව ස්වසන මාර්ගයේ ඉහල කොටසේ අසාදනය වීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ, නාසය සිරවීම, උගුරේ අමාරු වැනි මූලික රෝගී ලක්ෂණ පහල වෙයි. අනතුරුව එය දිගටම පැවතියහොත්, ස්වසන මාර්ගයේ පහල කොටස වන පෙනහලු දක්වා අසාදනය වෙන්න පුලුවන්. එසේ වුවහොත් ඇදුම, නිව්මෝනියා වැනි තත්වයන් උද්ගතවී ජීවිත හානි පවා විය හැකියි. විශේෂයෙන්ම (පිළිකා වැනි රෝගී තත්වයක් නිසා හෝ විශේෂ ඖෂධ භාවිතය හේතුවෙන්) ප්‍රතිශක්තිකරණ පද්ධතිය හීන වූ අය, අවුරුදු 65ට වැඩි වයස්ගත අය හා හෘදය, අක්මාව, වකුගඩු, ආශ්‍රිත රෝගීන් හා දිය වැඩියා වැනි රෝගී තත්වයන්ගෙන් පෙලෙන අය මින් ඉතාමත් ප්‍රවේශම් විය යුතුය.
මෙම ගනයේ වෛරස් අසාදනයන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ අමාරුව, නාසය සිරවීම, තද උණ, හිසරදය, ඔක්කාරය, වමනය, ඇඟපත වේදනාව, මලානික බව, බඩ එළිය යාම වැනි ලක්ෂණයි.
කුමන වසංගතයක් කෙලෙස ආවත් අපේ ඉපැරණි හෙළ වෙදකමේදී ඒවා මර්ධනය කොට ප්‍රතිශක්තිය ලබාදීමට සරලවූ විවිධ ක්‍රමෝපායන් උපයෝගී කර ගත්තා. ඒ වටිනා බොහෝ ක්‍රමවිධි පහතින් මෙලෙස දක්වන්නේ මුළු මහත් ජනතාවගේම හිත ගත සුව පිණිසයි.
වසංගත ලෙඩ රෝග වලින් මිදීමට අපේ දේශීය පාරම්පරික වෙදකමේ පවතින සරල ප්‍රතිකාර විධි මොනවාද?.
* ඖෂධීය කොළ සහිත හුමාලය ශ්වසන මාර්ගයට ඇල්ලීම.
ඉතා බොහෝ දිගු කාලයක පටන් සෙම අසනීප වැනි දේ නිසා නාසය ඇතුලු ශ්වසන මාර්ගය හිරවීමට හුමාල දුම් ඇල්ලීම සිදු වුණා. උණුවතුර හුමාලය ඇල්ලීම තුලින් සිර වූ සෙම පිටතට එනවා පමණක් නොව වෛරස් පහසුවෙන්ම විනාශ වී යනවා.
ඇත්ත වශයෙන්ම කියනවනම් කොරෝනා, ඇඩිනො වැනි වෛරස් ඇතුලු ඕනෑම වෛරස් වසංගතයක් මර්ධනයට ඇති සාර්ථකම පහසුම පිළියම මේ යැයි කීවොත් නිවැරදියි. නටන උණුවතුර වලට යකිනාරං කොල හෝ දෙහි කොල දමා දුම් ඇල්ලීම ඉතාම සුදුසු ක්‍රමයයි. සාමාන්‍යයෙන් කොයි පැඟිරි කොල වුනත් මේ සඳහා ගන්න පුලුවන්. යකිනාරං, දෙහි වැනි පැඟිරි කොල වලින් සෙම බුරුල් වෙලා කැඩිල යනවා. සෙම නිසා ඇතිවූ හිසරදයටත් මෙය ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් වෙනවා.
ඒ වගේම බෙලි කොලත් මේ සඳහා ඉතා හොඳයි. දෙහි කොල හා බෙලි කොල එකට දමාත් දුම් අල්ලන්න පුලුවන්. ඊට අමතරව පේර කොල, කුරුඳු කොල, අබ කොල යන කොල වර්ගත් තම්බා හුමාලය ඇල්ලීමට පැරණි අය උපයෝගී කරගත්තා.
මෙලෙස ඖෂධීය කොළ සහිත හුමාලය ඇල්ලීමට නොහැකි නම් සාමාන්‍ය උණු වතුර හුමාලය වුනත් ඇල්ලීම මේ වෛරස් මර්ධනයට ඉතාම හොඳයි. ඇත්තටම කියනවා නම් චීන ජාතිකයින් තම රටේ කොරෝනා වසංගතය මනාව පාලනයට යොදා ගත් සාර්ථකම ක්‍රමය වූයේ රෝගීන්ට මෙලෙස හුමාලය ඇල්ලීමට සැලැස්වූ නිසා බව සමහරුන් තවමත් නොදනී. ඔවුන් රෝගීන්ට පමණක් නොව, නිවෙස් වලට හා නගර වලටත් බොයිලේරු ආධාරයෙන් හුමාලය ඇල්ලීම දැනටත් කරගෙන යනවා. අන් රටවල මෙය දැඩිව පැතිරී යාමටත් චීන රට වැසියන් ඉන් බේරීමටත් ප්‍රධාන හේතුව මේ හුමාල ප්‍රතිකාර ක්‍රමය බව බොහෝ අය නොදන්නවා වුවත් හෙළ වෙදකම ගැන දන්නා අයට නම් එය අරුමයක් නොවේ.
වෛරස් අසාදනය වූ බවට රෝග ලක්ෂන තමන්ට පවතීනම් දිනකට හතර පස් (4-5) වතාවක් මෙලෙස ඖෂධීය කොල වර්ගයක් එක් කර හෝ නැතුව හුමාලය අල්ලන්න පුලුවන්. හැබැයි උණු වතුරට පුච්චගන්නේ නැතුව ඉතා පරිස්සමෙන් මේක කල යුතු බවත් මතක තියා ගන්න ඕනි.
හුමාලය අල්ලන අයුරු -
හොඳින් උතුරවා ගත් ජල බඳුනට දෙහි කොළ වැනි සුදුසු කොළ වර්ගයක් දමා වසා තබන්න. රෝගියා ඝනකම පිරිසිදු රෙද්දක් හිස සිට පොරවාගෙන, උණු වතුර භාජනය ප්‍රවේශමෙන් විවර කර එයින් නැගෙන හුමාලය හොඳින් ආශ්වාස කිරීම දුම් අල්ලන පහසු ක්‍රමයයි. රෙද්දක් පොරවාගෙන දුම් ඇල්ලීම සිදු කරන්නේ හුමාලය පිටතට යාම වළක්‌වා ගැනීමටයි.
මෙලෙස හුමාලය ඇල්ලීම ඉතා හොඳ ප්‍රතිකාර ක්‍රමයක් වුවත්, හුමාලය ඇල්ලීමේ දී එය දෑස්වලට තදිම් නොයන සේ සිදු කිරීමටත් වගබලා ගත යුතුයි. නැත්නම් ඇස්වල ඇති සියුම් කේශ නාලිකාවලට හානි වෙන්නත් පුලුවන්. එමනිසා දෑස් මත තෙත පුළුන් තබා, රෙදි පටියකින් ගැට ගසා හෝ දෑස් හොඳින් ආවරණය කරගෙන නාසය, උගුර, බෙල්ල වටේ ආදී වශයෙන් හුමාලය ඇල්ලීම කිරීමටත් පුලුවන්. (පොරවාගෙන සිටින රෙද්දේ පැටලී උණු වතුර භාජනය පෙරලුනොත් සිදුවන්නේ තවත් විනාශයක් වෙන්නත් පුලුවන් නිසා මෙය ප්‍රවේශමෙන් කල යුත්තකි.)
කඩදාසියකින් ගොටුවක් සාදා එහි කට පැත්ත හුමාලය පැත්තට අල්ලා කුඩා සිදුරෙන් මුව තබා මුඛයෙන් හුමාලය ගෙන නාසයෙන් පිට කිරීමද සාර්ථක ක්‍රමයක්.
තමන්ට රෝගයක් වැළඳීමට කලින් වුවත් දිනකට වරක් දෙවරක් මෙලෙස උනුවතුර හුමාලය පමණක් ඇල්ලීම කරන්න පුලුවන්. (එහිදී කොල එක් කිරීමක් කිරීමට අවශ්‍ය නෑ.)
මෙලෙස හුමාලය ඇල්ලීම මගින් ඇත්තටම රෝගියාට ඉතා සුව පහසුවක් දැනෙනවා පමණක් නොව වෛරස් ඉන් විනාශ වී යනවා. මෙය ඉතාමත් වැදගත් බාහිර ප්‍රතිකාර ක්‍රමයක් වන නිසායි මෙහි අගය මෙතරම් දුරට පෙන්වා දුන්නේ. එනිසා මේ කොරෝනා වසංගතයෙන් මිදීමට මෙම ක්‍රමය 90% ක් පමණ ඉවහල් වන බව මාගේ පුද්ගලික මතයයි.
*මීට අමතරව නිතරම උණු වතුර පානය කිරීමත් මේ වසංගත රෝගයෙන් මිදීමට උපකාරී වන ඉතා වැදගත් දෙයක් වෙනවා. (උනුවතුර හා ඇල්වතුර එකට මිශ්‍ර කර පානය කිරීම සුදුසු නැත)
*සාමාන්‍යයෙන් කොත්තමල්ලි ඕනෑම කෙනෙකුට පරිභෝජනය කළ හැකි දෙයක් වන අතර එය මීට වඩාත් ගුණදායකයි. කොත්තමල්ලිවල යම් ශීත ගතියක් ඇති බැවින් කොත්තමල්ලි ගන්නා විට කබලේ බැද කුඩු කොට තබාගෙන උනු ජලයේ තම්බා මද රස්නෙන් පානය කල හැකි නම් එය වඩාත් යෝග්‍යයි.
* එසේම මද උනුසුම් ජලයට ලුණු ස්වල්පයක් දමා දිනකට දෙතුන් වරක් උගුර සේදීමත් ඉතා හොඳයි.
* දිනපතා බැදපු කොත්තමල්ලි, වෙනිවැල්ගැට, ඉඟුරු යන මේවා ටික ටික දමා තම්බා පීරිසි කෝප්පයක් පමණ මද රස්නය පිටින් පානය කිරීමත් හොඳයි.
*වදකහ, පෙරුංකායම් දෙක මිශ්‍ර කර හෝ එක් වර්ගයක් ගෙන ගුලියක් සාදාගෙන උරහිස හා වැලමිට ප්‍රදේසය අතර ඇඟට ස්ඵර්ශ වන සේ බැඳීමත් හොඳයි.
* උතුරන ජලයට දෙහි කොළ (හෝ වෙනත් ඖෂධීය කොළ වර්ගයක) කොළ කිහිපයක් හෝ මෙන්තෝල් බිංදුවක් දමා දවසට වරක් හෝ දෙවරක් නාසයට දුම් ඇල්ලීමත් සිදු කළ හැකිය.
*ගුගුල්, දේවදාර, අගිල්. පෙරුංකායම්, මදුරුතලා, වදකහ, හල්දුම්මල, කොහොඹ කොල, කොහොඹ තෙල් වැනි විෂබීජ හරණය කළ හැකි ඖෂධ මගින් නිවස පුරා දුම් ඇල්ලීමත් ඉතා හොඳයි.
පහත සඳහන් බෙහෙත් මෙම වෛරස් අසාදනය වී ඇති විට ඉන් බේරීමට ඉතා වැදගත් වන දේශීය හා ආයුර්වේද ඖෂධයන් වන අතර මේවා ගැන ඔබ නොදන්නේ නම් අදාල වෛද්‍ය උපදෙස් මත ගන්නේ නම් වඩාත් සුදුසුයි.
* බුද්ධරාජ කල්කය මදටිය ඇටයක ප්‍රමාණයේ ගුලි දෙකක් උදේ, දවල්, සවස ඇඹුල් දොඩම් යුෂ, සීනි, මී පැණි, අමු ඉඟුරු යුෂ යන මේවායෙන් එකක් සමඟ දිනපතා භාවිතා කල හැකියි.
* දරුවන් සඳහා රත කල්කය කොත්තමල්ලි තැම්බූ වතුරෙන් අනුපාන කොට දිය හැකියි.
* උණ පවතින විට බැදපු කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පප්පාඩගම්, දේවදාර යන මේවා සමාන පමණට ගෙන හීන් බිංකොහොඹ කොළ දෙක තුනක් එක්කර තම්බා ගෙන සීතාරාම ගුලි 3ක් සමග දිනකට හතර වතාවක් පානය කරන්න පුලුවන්.
*දින තුනකට වඩා උණ තිබේ නම් ගස්ලබු කොලයක් හොඳින් සෝදා මැද නාරටිය ඉවත් කර කොටා මේස හැන්දක් පමණ මී පැණි ටිකක් මිශ්‍ර කර පානය කරන්න පුලුවන්.
*සිරිතේක්කු හා වියළි ඉඟුරු සමව ගෙන කබලේ බැද කුඩුකර කෝපි මෙන් වත්කර දිනපතා උදේ සවස සිනි මිශ්‍රකර පානය කරන්නට පුලුවන්. සිරිතේක්කු හා අමු ඉඟුරු තැම්බූ වතුරට සුකිරි දියකර දවසට දෙවරක් උදේ සවස බොන්නටත් පුලුවන්.
*තාලිසාදී චුර්ණය තේ හැඳි එක බැගින් දවසට දෙවරක් උදේ සවස ඇඹුල් දොඩම් යුෂ සමඟ කලවම්කර බී අනතුරුව උණුවතුර පානය කරන්න පුලුවන්.
*සුදර්ශන චූර්ණය තේ හැඳි එකක් උණු වතුරින් සකසා උදේ, දවල්, රාත්‍රී පානය කල හැකියි.
*විෂාදී තෙල හෝ කෝල ශ්ලේෂ්මා තෙල් ටිකක් ඇඟිල්ලට ගෙන නාසයෙන් ඉරීමද හොඳයි.
* මදුරුතලා මුල්, වෙනිවැල්ගැට, කොත්තමල්ලි, පාවට්ටා මුල්, විෂ්ණුක්‍රාන්ති, හීන් අරත්ත අල යන මේවා කලං දෙක බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා පෙරා දෙවේලක් බොන්නට හැකියි.
*යකිනාරං, කප්පරවල්ලිය, මදුරුතලා යන මේවායින් එක් දෙයක යුෂ (ස්වරස) ගෙන පානය කිරීමත් හොඳයි.
* සෙම සමග ඇතිවන කැස්සට කටුවැල් බටු හොඳ ඖෂධයක් වන අතර මෙම ඖෂධයන් ද ඇතුළුව ඖෂධ වර්ග පහකින් සුසැදි පස් පංගුවද සෙම අඩුකරවන කදිම ඔසුවකි.
* එසේම සියලු දොස් නසන ත්‍රිපලා (අරළු,බුළු,නෙල්ලි) ද මේ ලෙඩ සමනයට උපකාරී කර ගන්න පුලුවන්.
* රතුලූණු, ගොටුකොල, රුක් අත්තන පොතු, වියලි ඉඟුරු, මදුරුතලා වැනි ඖෂධ වර්ගයන්ද මේ සඳහා භාවිතා කල හැකියි.
(පහතින් ඇති ප්‍රතිකාර ක්‍රමය ගරු වහරක අභය රතනාලංකාර හිමිපාණන් විසින් තම සමාධියෙන් බලා පවසන ලද්දකි.)
කොලපාට උන ගසේ අඩි එක හමාරක් පමණ උස මොටෙයියක් ගෙන වතුර බිංදුවක්වත් නොදා කොටා ඉස්ම ගෙන මේස හැදි 2 බැගින් දවසට 3 වරක් දින 03ක් බීමෙන් ඕනෑම වෛරස් උනක් සනීප වේ. (කුඩා ලමුන්ට, තේ හැඳි 2 බැගින් දවසට 3 වරක්)
මෙය ඩෙංගු වලටත් ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ක්‍රමයකි.
ඉබෝලා, සාස් වැනි දරුණු වෛරස ආසාදනයකදී නම්, කොළ උණ ගොබ ඉස්ම මිශ්‍ර පැණිය වේල් 5 ක් හා කහ උණ ඉස්ම පැණිය දින 21ක් දෙනව. කොරෝනා වලටත් එම ක්‍රමයම අනුගමනය සුදුසුයි. (බෙහෙත ස්කසාගෙන සීතරකනය තබා ගෙන පාවිච්චි කල හැක)
කුඩා දරුවන්ට දීමේදි තල් සූකිරි මිශ්‍ර කර එහි ඇති තිත්ත යවා ගත හැක. එසේම ගැබිනි මව්වරුන්ට මෙය සුදුසු නැත.
වෛරස් වසංගතයෙන් බේරීමට පහත පිළිවෙත් ද අනුගමනය කරන්න.
* නිතර උණු වතුර පානය කරන්න.
* උණුසුම් හා ලුණු වතුරෙහි දැමූ සුදු ළූණු මගින්, විසබීජ විනාශ වන අතර, වෛරසය පෙනහලු වලට කාන්දු වීම වලක්වයි.
* ඊට අමතරව වෙනිවැල්ගැට, ඉඟුරු සහ කොත්තමල්ලී යන මේවා තම්බා මද රස්නය පිටින් පානය කිරීමත් ඉතා උචිතයි.
* හුමාලයෙන් තම්බන ලද හිතකර එළවළු ද ගුණදායක වේ.
* යකිනාරං, එළබටු, වැල්තිබ්බටු, හීංබෝවිටියා, ගොටුකොළ, මොණරකුඩුම්බිය, මුස්සැන්ද, පොල්පලා, කරපිංචා වැනි කොළ කැඳ හා ධාන්‍ය කැඳ වර්ග පානය කරන්න.
* දෙලුම්, නෙල්ලි, ඉදුණු වෙරලු, නම්නං, අනෝදා, කෝලිකුට්ටු, සුවඳැල් වැනි දේශීය අලුත් පළතුරු ආහාරයට ගන්න.
* රෝගය වැළඳීගෙන එනවිට උණුසුම් ජලය පමණක් පානය කිරීම, රාත්‍රී කාලයේදී බර ආහාරයක් වෙනුවට සැහැල්ලු ආහාරයක් ගැනීම හොඳයි.
නිවිති, බණ්ඩක්කා, මෑ කරල් වැනි අධික සීතල ආහාර ගැනීම, මී කිරි, උඳු වැනි බර ආහාර ගැනීම, ශීත කළ බීම වර්ග මෙන්ම ශීත කළ ජලය පානය කිරීම සුදුසු නැත.
* සීතල හුළං වැදීමෙන්, සවස් කාලය සහ රාත්‍රී කාලයේ ශීතල ජලය නෑමෙන්, අධික ව්‍යායාම කිරීමෙන්, මානසික පීඩනවලින්, අධිකව වෙහෙසීමෙන්, පිනි බෑමෙන්, වායු සමීකරණ කරන ලද කාමරවල සිටීම සහ එවැනි රථවාහනවල ගමන් කිරීමෙන් වැළකීමත් කල හැකි නම් ඉතා හොඳයි.
* එමෙන්ම සීතල ජලය නෑම, අධික ව්‍යායාමවල නිරත වීම, අධික වෙහෙසවීම, අධික බර ඉසිලීම, මළමුත්‍රා නිසි ලෙස පිට නොවීම වැනි ඇවතුම් පැවතුම් ද සුදුසු නැත.
මේ සම්බන්ධව පිළිපැදිය යුතු තවත් වැදගත් බොහෝ දේ බටහිර වෛද්‍ය වරුන්ගෙන්, රජයේ රෝහල් වලින් හා රාජ්‍ය මට්ටමින් විවිධ මාධ්‍යන් හරහා දැනුවත් කොට ඇත. කොරෝනා වසංගත මර්ධන රාජ්‍ය වැඩ පිළිවෙලට සියලු දෙනාම එක හෙළාම සහාය දැක්වීමට නීතියෙන්ම බැඳී ඇත.
අපේ අවාසනාවකට හෝ රෝගීන්ගේ ප්‍රතිශතය වැඩිවීමෙන් රෝහල් කාර්‍ය මණ්ඩලයට ඒ සියලු රෝගීන් ගැන සොයා බැලීමට යම් දිනක අපොහොසත් වුවහොත් මෙහි ඇති ප්‍රතිකාර ක්‍රම තම තමන්ටම නිවසේ සිටම සිදු කර ගත හැකි වනු ඇතැයි සිතමි. එසේම මේ වෛරස් රෝගයෙන් තමන්ට බේරී සිටීමටත්, පැතිර යාම වලක්වා ගැනීමටත් මෙහි සඳහන් බොහෝ දේ ඔබට වැදගත් වනු ඇත.
බුදු දහමට අනුව මේ වෙනුවෙන් කල හැකි ප්‍රතිකර්ම මොනවාද?.
මේ රෝග කාරක වෛරසය සතුන්ගේ මාංශයන් හරහා මිනිස් සිරුරට ඇතුලු වෙන්නට ඇතැයි බොහෝ දුරට සිතිය හැකියි. කෙසේ වෙතත් මාංශ පරිභෝජනය හැකිතාක් අවම කරගත හැකි නම් එය ඉතා උතුම් දෙයක් වෙනවා. ස්වාභාවිකව නොමැරී, තවත් කෙනෙකුගේ වද හිංසනයට ලක්ව මැරෙන සෑම සත්වයෙකුම මැරෙන්නේ වෛරී චේතනාවන් ද මුසුවයි. ඒ වෛරී සිතුවිලි සමුදායන් උන්ගේ ලේ ධාතුවට සංමිශ්‍රනය වී කිසියම් අයුරකින් එම සත්වයින්ගේ මාංශ ශෛල තුලත් තැන්පත් වෙනවා. එම මාංශ පරිභෝජනයට ගැනීම එක් පැත්තකින් මිනිස් සිරුරේ පෝෂණයට උපකාරී වුවත්, මනා නීරෝගීතාවය පැත්තෙන් බැලීමේදී හිතකර වූවක් නොවේ.
වෛරය ආශ්‍රයට ඉවහල් වෙන්නාවූ වැඩ කටයුතු අප සමාජයේ සිද්ධ වෙනකොට, ඒ හේතුවෙන් වෛරයට හේතු වෙන්නාවූ, එය ආස්මිත කරගත්තාවු ඒ දේට ශුද්‍ර ශක්තියක් ඇති කොටසක් හටගන්නවා. (ශුද්‍ර දෙවලින් හෙවත් පහත් දේ වලින් හටගත් මේවාට අප ශුද්‍ර ජීවීන් කියා කීවත් ඒවා ජීවීන්ම නොවෙයි.) එනිසා මේ කොටස් වලට වෛරය ආශ්‍රිතව හටගත්තාවූ වෛරස් කියල කියන්න පුලුවන්. මෙම වෛරස් රෝගකාරකයි.
සමාජයේ වෛරය ආශ්‍රය කරල, බාල වැඩ කරල ආපු කර්මයන්ගේ විපාකයන්ට අපට මුහුණ දෙන්නට යම් අවශ්ථා වලදී හේතුකාරක යෙදෙනව. ඒවා බලවත්ව තිබුනනම් සමහර වෙලාවට අපට ගෙවා ගන්නට නොහැකි ලෙසත් එනවා.
මේ වෛරී වැඩ, බාල වැඩ සමාජයේ කවද හරි අපි කරගෙන ආවනම් ඒ වෛරස්-බැක්ටීරියා දෙක ලෝකයේ කවදත් පැතිරිලා තියෙනව. පලදීමට විපාකයක් ආවොත් හරි, නැත්තම් ඒ විපාක කර්මයට හේතුකාරක වෙන කර්මයන් ලඟදි කරමින් හිටියොත් හරි, නැත්නම් මේ දෙකටමත් ඇවිත් හරි ඵල දෙන්නට හේතු කාරක යෙදෙනව.
මේවා මෙලෙස යෙදෙනව වාගෙම විවිධ ක්‍රම මගින් ඒවා ගෙවා ගන්නට ක්‍රමත් තියෙනව.
අප විසින් කරන ලද විවිධාකාර කටයුතු වලට ඔය දෙකම අපේ ශරීර ගතව සම්බන්ධ වෙනව. ශරීර ගත වෙලා සමහර වෙලාවට එහි ප්‍රතික්‍රියා, කර්මයක් ගෙවා අවසන් කරන්නටත් හේතු වෙනවා. සමහර ඒවා කර්මයට විපාක වශයෙන් විඳවන්නටත් හේතු වෙනවා.
අද වෙන කොටත් ලෙඩ රෝග වැඩි වෙන්නට හේතුව නම්, ක්‍රම ක්‍රමයෙන් ලොක සත්වයාට එකිනෙකා කෙරෙහි තියෙන ලයාන්විත බව, යහපත් ගුණය එන්න එන්නම නැති වෙලා ගිහින් තිබෙන කමයි. රෞද්‍ර බව අග්‍ර කරමින් තමාගේ ජයග්‍රහනය බලාගෙන ඕන දූෂනයක් කෙරෙන ඒ ගති ලක්ෂණය වැඩිවෙන කාලයට ඒ සමාජයට ලෙඩ රෝග වැඩියි.
ඊට පස්සේ ඒ පහත් දස අකුසල් වැඩ වසං කරල හෙවත් හොරෙන් කරන්න පටන් ගන්නවා. තව තවත් දරුණු වැඩ, තව තවත් නීච වැඩ රහසිගතව කරනවා. එතකොට ඒ වස කරල කරන කටයුත්තට ගත වුනාම වසාං-ගතය වසංගතයක් වෙනවා. ලෙඩ රෝග වසංගතයක් වුනාම හැම තැනටම පැතිරෙන්නට පටන් ගන්නවා. ඒවාට බෙහෙත් නැති වෙනවා.
වසාං කියල කියන්නේ වස දේ ආහාර කොට ගන්නවාටයි. වස දේ කියන්නේ පාප ධර්මයි. මිනිසා විසින් දස අකුසලය ආහාරයක් වශයෙන් ගෙන පරිභෝජනය කරන්නට ගත වුනාම, ඒක සැඟවිලා රහසක් වශයෙන් කරගෙන පටන් ගන්න කොට වසා අංගත කියන වචනයේ අර්ථයෙන්ම වසාංගත බෝවෙනවා. ඒ සංකාරයේ වසංගත ජාති හට ගන්නවා. වසංගත සංකාරය එයයි.
මේ විදියට මේ රොගාබාධ ජාතීන් හට ගන්නවා. යම්කිසි කාලයක මනුස්සයා ඒ පහත් තත්වයෙන් වෙන්වෙලා, ලේ අඩ කර ගන්නෙ නැතුව, කූට ලයක් ඇති පහත් ගුණාංගයන්ගෙන් යුත්ත නොවන, දස අකුසලයෙන් තොර වන පිරිසක් බවට පත් වුනා නම් එය තමයි ලෙඩ නැති කරන පටිච්ඡ සමුප්පාදයේ ධර්ම න්‍යාය වන්නේ..
එහෙනම් ලෙඩ නැති කර ගන්න ඕනිනම් ලේ අඩ කරගන්න, නැත්නම් ලය අඩ කරගන්න ක්‍රියා නොකර ඉන්නට ඔනෑ. රෝග නැතිකර ගන්නට ඕනිනම් රෞද්‍ර බව අග්‍ර කරගන්නෙ නැතුව කරුණාවෙන්, මෛත්‍රියෙන් සියලු ලෝක සත්වයාටම මෙත් පතුරුවමින් කටයුතු කළ යුතුයි..
සමාජය ඒ ආකාරයෙන් කටයුතු කරන කොට පරිසරය ඊට අනුකූළව හැඩ ගැහෙනවා. මෙයට ප්‍රයෝග සම්පත්තිය කියා කියනවා. ප්‍රයෝග සම්පත්තිය හදනකොට ගති සම්පත්තිය නැගිල හදවත්
සුද්ද වෙනවා. හිත සුද්ධ වෙනවා. ගති පිරිසිදු වෙනවා.
ප්‍රයෝග සම්පත්තියෙන් ගති සම්පත්තිය ලැබෙනවා. ඒ ගති සම්පත්තිය ක්‍රියාත්මක වෙනකොට ඒ ශක්තිය විශ්වයට විහිදිලා කාළ සම්පත්තිය සකස් වෙනවා. එහිදී සෘතු විපර්‍යාශ නොවී, යහපත් විදියට සකස් වී, නියම කලට වැසි වැසී, සියලු දේ පෝෂනය වන විදියට කාළ සම්පත්තියක් සකස් වෙනවා.
ඒ කාළ සම්පත්තියෙන් සකස්වෙන්නාවූ සශ්‍රීක දේ, සත්වයාගේ ආහාරයෙන් පෝෂණයෙන් පූර්ණ වෙනවා. දැන් අද තියෙන්නේ රොඩු විතරයි. එදා ස්වයංජාත සහල්වල තිබුණු රසය අද හාල්වල නෑ. මොකද වෙලා තියෙන්නේ අර විදියට එකිනෙකට රොඩු බවට පත්වෙලා. එනිසා ඒ රොඩු ආහාර ගත්තම ඒ කියන විටමින් වර්ග, පෝෂණයට අවශය දේවල්, සිරුර ආරක්ෂිත වන්නාවූ පෝෂ්‍යතාවයන් ආදිය හිඟවූ නිසායි මිනිසාගේ ශරීරයට අවශ්‍ය ශක්තිය, ප්‍රතිශක්තිය ආදිය නැතිවෙලා තියෙන්නේ.
එනිසා සුද්ධ වෙලා සකස්වුනු කාළ සම්පත්තියෙන් පෝෂණය වන මිනිසා නැවත වාරයක් නිරෝගී බවට පත්වෙන, ශරීරය ප්‍රබෝධමත් භාවයට පත්වන, අමුතුවෙන් බෙහෙත් හේත් සෙවීමට අවශ්‍ය නොවන, ආහාරයේ ඉන්ද්‍රීය රස ධාතු අඩංගු ආහාර පහළ වුනාම එතනදී උපදි සම්පත්තිය කියන හතර වන සම්පත්තිය ලැබෙනවා.. උපදි සම්පත්තිය ලැබුන නම් නැවත ලෙඩ රෝග නැති, බොහොම නිරෝගී, ප්‍රතිශක්තියක් ඇති, කාය ශක්තියක් ඇති, හොඳ පිරිපුන් පුද්ගලයින් පහළ වෙනවා..
එසේනම් මේ උතුම් ධර්මතාවය හොඳින් වටහාගෙන අපි කවුරුත් දැහැමින් දිවි ගෙවන්නට හුරු පුරුදු විය යුතුයි. ද්වේෂ සහගත, වෛරී සහගත සිතුවිලි හා ක්‍රියා වලින් මිදිල සියලු ලෝක සත්වයා කෙරෙහිම අනුකම්පා, කරුණා මෛත්‍රී සහගතව කටයුතු කල යුතු වෙනවා. එදා සංසාරයේදී අප නොදැනුවත්ව හෝ අන් අයට හිංගි හිංසා පීඩා අයුක්ති අසාධාරණ කම් සිදු කලා නම්, අද ඒවාට සියලු ලෝක සත්වයාගෙන්ම සමාව ගෙන සියලු ලෝක සත්වයා කෙරෙහිම හැකි හැම මොහොතකම මෛත්‍රිය වැඩීමෙන් සියලු ලෙඩ රෝග කරදර වලින් බේරීමට උපනිශ්‍රයක් වෙනවා..
රතන සූත්‍රය වැනි පිරිත් සජ්ජායනා කරමින්, තෙරුවන් ගුණ ගයමින්, මෙහෙහි කරමින්, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සහගත සිතුවිලි තුලින් විශ්වයේ වා තලයට සුදු කිරණ මුදා හලමින් කටයුතු කිරීමෙන් ඔබට මෙන්ම මුලු මහත් ලෝකයටම සෙතක් වනවා නොඅනුමානය.
දැනට අවුරුදු කීපයකට උඩදී මට අහම්බෙන් වගේ ඉංග්‍රිසි චිත්‍රපටයක් හමුවුනා. ඒ කතාවේ මතක හැටියට රසායනික පරීක්ෂණාගාරයක කිසියම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු ශක්ති සම්පන්න මකුළුවන් වැනි සත්වයින් කොටසක් බෝවෙනවා. උන් මිනිසුන්ට හිරිහැර කරන්න පටන් ගන්නවා. කුමන ආරක්ෂා විධි විධාන යෙදුවත් කෙලෙසකින්වත් උන්ව මරා දමන්නට මිනිසුන්ට නොහැකි වෙනවා. උන් සිය දහස් ලක්ෂ ගනන් වර්ධනය වී මුලු සමාජයම විනාශ කරන්නට පටන් ගන්නවා. මේ මහත්වූ ව්‍යසනය නිසා සියල්ලෝම අසරණව කිසිම විකල්පයක් නැතිව භීතියෙන් වෙලා ගන්නවා. අන්තිමට පැමිණි ළමයෙක් උන්ව විනාශ කරන ක්‍රමය හොයා ගන්නවා. වෙඩි තබාවත් මැරිය නොහැකි උන්ව කිසියම් රසායනයක් හෝ වායුවක් ස්ප්‍රේ කිරීම මගින් සහමුලින්ම විනාශ වී යනවා.
සංකල්පිත චිත්‍රපට කතාවක් වුවත් මේ කතාව මා මෙහි කීවේ, ඉන් වටිනා උපමාවක් අපට ගත හැකි නිසායි. අපි මහා ලොකුවට සිතන ඇතැම් දේවල විසඳුම තියෙන්නේ වෙනත් පැත්තක හා සරල දෙයක් තුල වෙන්නට පුලුවන්. මුලින්ම කියූ හාවා ඇතුලු කැලේ සියලු සත්තුම බියවී දිව්වේ ද හරියට කරුණු සොයා නොබැලීම හේතුවෙනි..
ඔබට දීර්ඝායු වේවා.
කේ. එස්. ආරියරත්න
දේශීය පාරම්පරික වෛද්‍ය, 'කීර්ති ශ්‍රී දේශශක්ති ආයුර්විද්‍යා ප්‍රසාදි'
ජ්‍යෝතිෂ හා මනෝවිද්‍යා උපදේශක, ගුප්තවිද්යා හා විශ්ව ශක්ති පර්යේෂක.
(මෙහි ඇතැම් තොරතුරු අන්තර්ජාලය ආශ්‍රයෙන් බව කාරුණිකව සලකන්න )

Subscribe to:
Comments (Atom)